ඉන්දියාව ඖෂධ 156ක් තහනම් කරයි

August 24, 2024 - 6:44 PM

ඉන්දියාවේ භාවිත කරන ලද අවදානම් ඖෂධ 156ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මෙලෙස තහනමට ලක් වී ඇත්තේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ ප්‍රතිජීවක ලෙස භාවිතයට ගන්නා ඖෂධ කිහිපයක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එම ඖෂධ භාවිතයෙන් මිනිසාට අවදානමක් ඇති විය හැකි බවට හඳුනාගැනීමෙන් අනතුරුව එම ඖෂධ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ තහනමට ලක් වූ ඖෂධ වෙනුවට භාවිත කළ හැකි විකල්ප ඖෂධ වර්ග ද ඇති බවයි.

එරට ඖෂධ තාක්ෂණික උපදේශක මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව, මධ්‍යම රජය විසින් අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීම, විකිණීම සහ බෙදාහැරීම මෙලෙස තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.


(lknews)