අනතුරට පත් ගුවන්යානයේ විමර්ශනවලට වැදගත් හෝඩුවාවක් හමුවෙයි

June 17, 2025 - 10:02 AM
ඉන්දියාවේ අහමදාබාද් නුවරදී අනතුරට පත් එයාර් ඉන්දියා ගුවන්යානයේ නියමු කුටියේ හඬ පටිගත වන යන්ත්‍රය සොයාගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුර සිදුවීමට පෙර අවසන් අවස්ථාවේදී නියමුවන් අතර සිදුවූ අවසන් සංවාද ඇතුළත් මෙම හඬ පටිගත කිරීමේ යන්ත්‍රය ඉදිරි විමර්ශන සඳහා වැදගත් හෝඩුවාවක් වනු ඇති බවයි. 

මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 242දෙනෙක් රැගත් එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් බෝයිං 787 වර්ගයේ ගුවන්යානය පසුගියදා ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේදී අනතුරට ලක්වුණා. 

(lknews)