ඊශ්‍රාලය-පලස්තීන සිරකරුවන් 110ක් නිදහස් කරයි

January 31, 2025 - 10:21 AM
ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 110 දෙනෙක් නිදහස් කර තිබෙනවා.

ඒ ගාසා තීරයේ රඳවා තබා ගෙන සිටි ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙක් සහ තායි ජාතිකයින් පස් දෙනෙක් හමාස් සටන් කාමීන් විසින් නිදහස් කිරිමත් සමගයි.

හමාස් ග්‍රහනයේ සිටි ඊශ්‍රායල කාන්තාවක් නිදහස් කරන අවස්ථාවේදී අනුගමනය කළ ක්‍රියාකලාපයක් හේතුවෙන් ඊශ්‍රායලයේ සිරකරුවන් නිදහස් කිරීම ඊශ්‍රායල අගමැති විසින් පැය කිහිපයක් ප්‍රමාද කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දින 470කට පසුව පලස්තීන සිරකරුවන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ නැවත එක්වූ බවයි.

(lknews.lk)