මහනුවර - මහියංගනය මාර්ගය යළි විවෘත කරයි

January 22, 2025 - 10:36 AM
අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඊයේ (21) වසා දැමූ මහනුවර - මහියංගනය මාර්ගය යළි විවෘත කර තිබෙනවා.

පසුගිය දිනවල පැවතී අයහපත් කාලගුණයත් සමඟ මහනුවර මහියංගනය උඩුදුම්බර කහටගොල්ල ප්‍රදේශයෙන් පස් කඳු හා ගල් කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් මාර්ගය වසා තැබීමට පියවර ගැනුණා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සඳහන් කළේ අවධානම් සහිත තත්ත්වය තවදුරටත් එලෙසම පවතින බැවින් රාත්‍රී කාලයේ ගමන් ගන්නා වාහන හා පුද්ගලයන්ට සිදුවිය හැකි අනතුරු වැළක්වීම සඳහා රාත්‍රී කාලයේදී මාර්ගය වසා දැමීමට තීරණය කළ බවයි.

(lknews.lk)