කප්රුක සමිති සවි බලගැන්වීමේ වැඩසටහන් මාලාව ඇරඹෙයි

February 19, 2025 - 2:44 PM
කප්රුක සමිති ප්‍රතිසංවිධානය හා බලගැන්වීමේ විශේෂ වැඩසටහන් මාලාවෙහි ප්‍රථම වැඩසටහන අද (19) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ  බටුවත්ත, නාරංගොඩපාලුව රත්න ශ්‍රී ඝනාරාම පොත්ගුල් විහාරස්ථානයේහීදීයී.

මෙම වැඩසටහනට සමගාමීව පොල් ක්ෂේත්‍රයේ වත්මන් අභියෝග ජයගැනීමේ ජාතික අවශ්‍යතාව අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක පොල් වගාවේ හා පොල් ආශ්‍රිත කුඩා කර්මාන්තවල තාක්ෂණික දැනුම හා සමිති සාමාජික ප්‍රවර්ධන කටයුතු අද  සිට ක්‍රියාත්මක කිරීමට නියමතයි.

කප්රුක සමිති ජාලය මගින් වගාවේ යෙදවුම් සම්පාදනය, නිෂ්පාදනය හා නිෂ්පාදන අලෙවි සම්බන්ධතා සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණු වී තිබෙනවා.

(lknews.lk)