රසකැවිලි පැකට් තුළින් කුෂ් මත්ද්‍රව්‍ය හමුවෙයි
February 26, 2025 - 12:38 PM
රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගී කාන්තාවක් අද (26) කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 38ක් වන ඉන්දීය ජාතික කාන්තාවක්.
ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ , රසකැවිළි අඩංගු පැකට් කීපයක් තුළ මෙම කුෂ් මත්ද්‍රව්‍ය 1kgයි 200gක ප්‍රමාණයක් සඟවා ගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම ගුවන් මගී කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිත බවයි.
(lknews.lk)