අවිස්සාවේල්ල රෝහලේ ගිලන්රථවල අඩුවක්

August 28, 2024 - 8:13 PM
අවිස්සාවේල්ල රෝහලේ තිබෙන ගිලන්රථ අතරින් කිහිපයක් අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කර මාස ගණනක් වුවත් තවමත් ඒවා සේවයට එක් කර නොමැති බව ගිලන්රථ රියදුරන් පවසනවා.

රෝගීන් ගෙනයාමට වෙනත් රෝහල්වලින් ගිලන්රථ ගෙන්වීමට කටයුතු කරන බවත්, එයට රුපියල් 25,000ක පමණ මුදලක් වැයවන බවත් ඔවුන් සඳහන් කළා.

නමුත් අවිස්සාවේල්ල හා කොළඹ රෝහල්වල වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ගිලන්රථ අලුත්වැඩියාවට යොමු කිරීම සාමාන්‍ය දෙයක් බවත්, දිස්ත්‍රික්කය තුළ ගිලන්රථ හුවමාරු කරගෙන කටයුතු කරන නිසා එලෙස ගිලන්රථ හිඟයක් නොමැති බවත් ය.

(lknews)