ලෝක ජල දිනය අදයි

March 22, 2025 - 9:29 AM
ලෝක ජල දිනය අදට (22) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ 'ග්ලැසියර සංරක්ෂණය' යන්නයි.

ජලයේ ඇති වැදගත්කම පිළිබඳව දැනුවත්භාවය ඉහළ නැංවීම සහ ගෝලීය ජල අභියෝගවලට මුහුණදීම සඳහා දිරිගැන්වීම කෙරෙහි අවධානය යොමු කරන වාර්ෂික එක්සත් ජාතීන්ගේ සැමරුමක් ලෙස මෙම දිනය හඳුන්වනු ලබනවා.

මේ වන විට ලොව පුරා පුද්ගලයන් බිලියන 2.2 ඉක්මවූ පිරිසකට පිරිසිදු පානීය ජලය නොලැබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පුද්ගලයන් මිලියන 2.3කට සිය නිවසේදී සබන් ගා අත්සේදීමට වරම් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

පරිසරවේදීන් සඳහන් කළේ නාගරික හා කාර්මික අපද්‍රව්‍ය මුසු කිරීම ඇතුළු විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජලය දූෂණය වීම ඉහළ ගොස් ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව ලොව පුරා බිලියන 03කට අධික ජනතාවක් ජල අවශ්‍යතා ජාතික දේශසීමා හරහා ගමන් කරන ජල මාර්ගවලින් සපයා ගනු ලබනවා.

ගංඟා, වැව් ඇතුළු අනෙකුත් ජල මූලාශ්‍ර අසල්වැසි රටවල් සමඟ බෙදාගන්නා රටවල් සංඛ්‍යාව දැක්වෙන්නේ 153ක් ලෙසයි.

එමෙන්ම ලෝක ජනගහනයෙන් අඩක් පමණ අවම වශයෙන් වසරකට වරක්වත් බරපතල ජල හිඟයකට මුහුණ දෙන බව පරිසර සංවිධාන පවසනවා.

(lknews.lk)