පනවා තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

December 15, 2023 - 10:58 AM

පනවා තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව බදුල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන මෙලෙස දීර්ඝ කර ඇති අතර එය අද (15) සවස 3.30 දක්වා බලපැවැත්වෙනු ඇති.
(lknews.lk)