මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

February 11, 2025 - 2:35 PM
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අඟුල්ගමුව ප්‍රදේශයේදීයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන අඟුල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පන්සියගම පොලීසිය සඳහන් කළා.
(lknews.lk)