කුලියට ගත් සුඛෝපභෝගී වාහන අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

February 20, 2025 - 3:04 PM
රුපියල් මිලියන 500කට ආසන්න මුදලකට සුඛෝපභෝගී SUV රථ කුලියට ගෙන වෙනත් පුද්ගලයින්ට අලෙවි කළ පුද්ගලයෙක් වාහන 30ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අතුරුගිරිය ගල්වරුසාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා කුලී සේවා වෙත ගොස් ව්‍යාජ සමාගමක් සඳහා ලියකියවිලි ලබා දෙමින් සුඛෝපභෝගී වාහන කුලියට ගැනීම සහ වත්මන් වෙළඳපොළ මිලට වඩා අඩු මිලකට එම වාහන වෙනත් අයට අලෙවි කර ඇති බවයි.

(lknews.lk)