විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

February 07, 2025 - 3:22 PM
අනාරක්ෂිත ලෙස නිවසක ඇද තිබූ විදුලි රැහැනක ගැටී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

සෙවනගල පොලීසිය සඳහන් කළේ ඊයේ (06) නෙලුම්වැව ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී තිබෙන බවයි.

ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31ක් වන නෙලුම්වැව, සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරුගේ පියා විසින් නිවස තුළට සුනඛයන් පැමිණීම වැළැක්වීම සඳහා අනවසරෙන් අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

(lknews.lk)