මරදගහමුල්ල සහල් අද සිට පාලන මිලටත් අඩුවෙන්

January 31, 2025 - 12:50 PM
රජයෙන් නියම කර ඇති පාලන ඉක්මවා තොග වෙළඳුන් තමන්ට සහල් අලෙවි කිරීම නිසා පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බවට සිල්ලර වෙළඳුන් දිගින් දිගටම චෝදනා කර තිබෙනවා.

පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරන්නේ පාලන මිල ඉක්මවා සහල් මිල අලෙවි කිරීමට සිල්ලර වෙළඳුන්ට සිදුවේනම් තොග වෙළඳුන්ගෙන් සහ මොල් හිමියන්ගෙන් සහල් මිලදී නොගත යුතු බවයි.

එවන් පසුබිමක වෙළඳුන් බොහොමයක් මේ වන විට සහල් අලෙවියෙන් වැළකී සිටිනවා.

මේ අතර මරදගහමුල සහල් ව්‍යාපාරිකයන් සඳහන් කළේ රජයේ නියම කළ පාලන මිලට වඩා අඩුවෙන් සිල්ලර වෙළඳුන්ට අද (31) සිට කැකුලු සහ නාඩු සහල් අලෙවි කරන බවයි.

සිල්ලර වෙළඳුන්ට පාලන මිලට යටත්ව සහල් අලෙවි කිරීමට හැකි වාතාවරණයක් නිර්මාණය කර දීම එහි අරමුණ වී තිබෙනවා.


(lknews.lk)