ලුණු ගෙන්වන හේතුව ඇමති හෙළිකරයි

January 28, 2025 - 2:09 PM
ලුණු නිෂ්පාදිත ප්‍රදේශවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහකට පමණ සීමා වී තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ මෙට්‍රික් ටොන් 60000ක පමණ ලුණු හිඟයක් පවතින බවයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ පිලිබඳ සඳහන් කර සිටියා.

(lknews.lk)