පියා ඇටවූ විදුලි උගුලකට හසුවී මව සහ පුතු ජීවිතක්ෂයට
March 07, 2025 - 10:05 AM
නිවසක් පිටුපස ඇද තිබූ අනාරක්ෂිත විදුලි උගුලකට හසුවූ මවක් සහ පුතෙක් මියගොස් තිබෙනවා.
ඒ සූරියවැව 10 කණුව, රන්දියගම ප්රදේශයේදීයි.
පොලීසිය වාර්තා කළේ ජීවීතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි සිව්දරු මවක් හා ඇයගේ සිව් හැවිරිදි දරුවා බවයි.
මියගිය කාන්තාවගේ සැමියා විසින් නිවස පිටුපස ඇති මඩුවක නවතා තිබූ ලොරි රථයක් වටකර අනාරක්ෂිත ලෙස ඇද තිබූ කම්බියකට යොදා තිබූ විදුලිය වැදීම හේතුවෙන් මෙම අනතුර සිදු ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව සූරියවැව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)