ජාතික අලුත් සහල් මංගල්‍යය අදයි

April 06, 2024 - 1:14 PM
අද (06) පෙරවරුවේ 57 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජයසිරි මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වුණා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහි දී සාම්ප්‍රදායිකව ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කරන මී පැණි පූජාව සඳහා පිරිසිදු මී පැණි බඳුන ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් ජනාධිපතිවරයාට පිළිගන්වා තිබෙනවා.

එමෙන්ම පළාත් නවයම ආවරණය කරමින් බීජ වර්ග බෙදා දීමද සිදුකර ඇති බව වාර්තා වනවා.

(lknews.lk)