වගා හානි වන සතුන් ජාතික සංගණනය හෙට

March 14, 2025 - 1:00 PM
කෘෂි භෝග සඳහා හානි පමු­ණු­වන වන සතුන් පිළි­බඳ ජාතික සංග­ණ­නය හෙට (15) උදෑසන 8.00 - 8.05ත් අතර කාල සීමාව තුළ පැවැ­ත්වී­මට සියලු කට­යුතු සූදා­නම් කර තිබෙනවා.

කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ අධ්‍යක්ෂ (කෘෂි සංව­ර්ධන) ජේ. ඒ. තුසිත නන්දන සඳහන් කළේ කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි­මාර්ග අමා­ත්‍යාංශ සැල­සුම් කර ඇති මෙම සංග­ණ­න­යේදී මහ­ජ­න­තාව වෙත ලබා­දෙන සංග­ණන පත්‍රිකා මේ වන විට සිය­ලුම පළා­ත්වල නිවාස වෙත ග්‍රාම නිල­ධා­රීන් විසින් බෙදා හැර ඇති බවයි.

ආහාර සුර­ක්ෂි­ත­තාව, අස්වනු හානිය අවම කිරීම, වන සත්ත්ව හානි අවම කර­ගැ­නීම සඳහා ඉදි­රි­පත් වන තිර­සර විස­ඳු­ම­කට අවශ්‍ය මූලික දත්ත රැස් කිරීම සඳහා මෙම සංග­ණ­නය පැවැ­ත්වෙන බවත් ජාතික වග­කී­මක් ලෙස සලකා මේ සඳහා සහ­යෝ­ගය දැක්වීම ජන­තාව විසින් සිදු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(lknews.lk)