ස්වාභාවික හයිඩ්රජන් නිධි පළමුවරට ඉන්දියාවෙන් සොයා ගනීයි
March 07, 2025 - 11:24 AM
නැඟෙනහිර ඉන්දීය මුහුදු තීරයේ පිහිටි අන්දමාන් සහ නිකොබාර් දූපත්වල ස්වාභාවික හයිඩ්රජන් සංචිත තැන්පත් වී ඇති බව පළමු වරට සොයාගෙන තිබෙනවා.
ඉන්දියාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අසිට් සාහා ප්‍රකාශ කළේ ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයට කැපී පෙනෙන දායකත්වයක් එමගින් ලබා ගත හැකි බවයි.
අන්දමාන් සහ නිකොබාර් දූපත්වල පාෂණ තුළ තැන්පත් වී ඇති බවට සොයා ගනු ලැබූ ස්වභාවික හයිඩ්රජන් සංචිත පිළිබඳ වැඩිදුරටත් පර්යේෂණ කටයුතු සිදු කරන බවත්, එය දේශගුණික විපර්යාස අභියෝග ජයගැනීමට ඉන්දියාවට ඉවහල් වනු ඇති බව ඉන්දියාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විශ්වාසය පළ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ අඩු කාබන් පරිභෝජනය කරා ඉන්දියාව රැගෙන යෑමට අවශ්‍ය පුනර්ජනනීය බලශක්තිය නව ගවේෂණය තුළින් අත්කර ගැනීම ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ අපේක්ෂාව වී ඇති බවයි.
(lknews.lk)