නුවරඑළිය රෝහලේ කලහකාරී ලෙස හසිරුණු හිටපු මේජර්වරයා අත්අඩංගුවට
March 19, 2025 - 10:23 AM
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්රය තුළ කලහකාරී ලෙස හැසිරී රෝහලේ සේවකයන්ට පරුෂ වචනයෙන් බැණ වැදුණු යුද හමුදාවේ හිටපු මේජර්වරයකු ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර මේජර්වරයා නිවාඩුවක් ගතකිරිම සදහා නුවරඑළිය ප්රදේශයට පැමිණ බීමත්ව බිම වැටි තුවාල ලබා ප්රතිකාර ලබා ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ රෝහලේ සේවකයෙක් විසින් තුවාල ලබා සිටි මේජර්වරයා රෝහලට ඇතුළත් කර ගැනීමේදී ඔහුට ගරු නොකළ බව පවසමින් සැකකාර මේජර්වරයා රෝහලේ අධ්යක්ෂකවරයාට සහ සේවකයන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇතැයි පොලීසිය සඳහන් කළා.
මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව නුවරඑළිය පොලීසිය සඳහන් කළා.
(lknews.lk)