ආපදා සහන සේවා සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව
January 25, 2025 - 1:45 PM
අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතින බව නාවික හමුදාව පවසනවා.
ඒ අනුව ඊයේ (24) නාවික හමුදාව විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශය වෙතත් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වන විට පාසල් ළමුන් ඇතුළු පුද්ගලයන් 3009 දෙනෙක් වෙත නාවික හමුදා යාත්‍රා මඟින් ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සලසා දී තිබෙනවා.
තවද ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් 48ක් මේ වන විටත් සූදානමින් තබා ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)