නැගෙනහිර සහ උතුරු මැද පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරු පත්කරයි

February 01, 2025 - 9:39 AM
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත සඳහා ප්‍රධාන ලේකම්වරු පත් කර තිබෙනවා.

ඒ අනුව නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස ටී. ඒ. සී. එන්. තලංගම සහ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ. එම්. ජයසිංහ යන අය පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ පත්විම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඊයේ (31) ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කර තිබෙනවා.

(lknews.lk)