මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට

August 24, 2024 - 6:09 PM
2024 ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 900 ඉක්මවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊයේ (23) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65ක් ලැබී ඇති බවයි.

එමෙන්ම ජූලි 31 වනදා සිට අගෝස්තු 23 වනදා දක්වා වාර්තා වී ඇති මුළු මැතිවරණ පැමිණි සංඛ්‍යාව 901ක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,