එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය මැඬ­ලීමේ කොමි­සම් සැසියේ මුල්පු­ටුව ඉන්දි­යා­වට

March 14, 2025 - 9:12 AM
ගෝලීය මත්ද්‍රව්‍ය මැඬ­ලී­මට ප්‍රති­පත්ති සම්පා­ද­නය කරනු ලබන එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය මැඬ­ලීමේ කොමි­සමේ 68 වැනි සැසි­වා­රයේ සභා­ප­ති­ ධු­රය ඉන්දි­යා­වට හිමි වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ඉන්දීය නිත්‍ය නියෝ­ජිත ෂම්බු එස්. කුමා­රන්ගේ සභා­ප­ති­ත්ව­යෙන් ඔස්ට්‍රි­යාවේ වියානා අග­නු­ව­රදී එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය මැඬ­ලීමේ කොමි­සමේ 68 වැනි සැසි­වා­රය ආරම්භ වූ බවයි.

රට­වල් 150කට අධික සංඛ්‍යා­ව­කින් නියෝ­ජි­ත­යන් 2000කගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැ­ත්වෙන එම සැසි­වා­ර­යට බොලී­වි­යාවේ උප ­ජ­නා­ධි­පති ඩේවිඩ් චොකෝ­හොන්කා සහ මත්ද්‍රව්‍ය ජාවා­රම සම්බ­න්ධව කූප්‍ර­කට ඉති­හා­ස­යක් ඇති ඉක්ව­දෝ­රයේ සහ කොළො­ම්බි­යාවේ විදේශ ඇමැ­ති­ව­රුන් ද එක්වී සිටින බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළා.
(lknews.lk)