යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ

August 27, 2024 - 3:13 PM

යල කන්නයේ වී මිලදී ගැනීම අද (27) සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ වී මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

ඒ අනුව අදියර වශයෙන් වී මිලදී ගැනීම සඳහා මුදල් නිකුත් කර තිබෙනවා.

එහි පළමු අදියර සඳහා ලබා දෙන මුදල දැක්වෙන්නේ රුපියල් මිලියන 500ක් ලෙසයි.

ඒ අනුව හඳුනාගත් ප්‍රදේශවල වී ගබඩා අද සිට විවෘත කර වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ යල කන්නයේ කීරි සම්බා වී කිලෝග්‍රෑම් 01ක් රුපියල් 130කට මිලදී ගැනීමට නියමිත බවයි.

එමෙන්ම සම්බා වී කිලෝග්‍රෑම් 01ක් රුපියල් 115ක මිලකට මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ නාඩු වී කිලෝග්‍රෑම් 01ක් රුපියල් 105 බැගින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වු බවයි.