පාකිස්ථාන මහ කොමසාරිස් කථානායක හමුවෙයි

March 02, 2025 - 9:41 AM
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේදීයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී පාකිස්ථාන මහ කොමසාරිස්වරයා විසින් පාකිස්ථානයේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කථානායකවරයාට පාකිස්ථාන ජාතික සභාවේ කථානායකවරයා විසින් සිදු කරන ලද ආරාධනය ඉදිරිපත් කර තිබෙනවා.

(lknews)