තැපැල් වර්ජනය අවසන්

May 31, 2025 - 11:32 AM
වැඩවර්ජනය හේතුවෙන් ගොඩගැසී තිබූ තැපැල් මලු 2,000කට අධික ප්‍රමාණයක් බෙදා හැරීම ආරම්භ කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ සිය වැඩවර්ජනය අවසන් කළ බවයි.

එමෙන්ම බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් වැඩ වර්ජනයේ නිරත වූ බව ඔහු සඳහන් කළා

(lknews)