පෙබරවාරියේ ජනපති අනුර මැදපෙරදිගට

January 21, 2025 - 2:30 PM
එළැඹෙන පෙබරවාරියේදී මැපෙරදිග සංචාරය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ පසුගියදා කළුතර බේරුවල පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමින්.

එහිදී ඔහු කියාසිටියේ දැනටමත් මැදපෙරදිග රටවලින් ආරාධනා ලැබී ඇති බවයි.

ඛනිජ තෙල් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම රටවල් සමඟ සකච්ඡා සිදුවෙමින් පවතින බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

(lknews.lk)