ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

March 01, 2025 - 8:35 AM
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල සහ මාතලේ, නුවර-එළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, මාතලේ, නුවර-එළිය, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැකියි.

උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සහ මාතලේ සහ නුවර-එළිය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30-40 ක තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.


(lknews.lk)