ගෝලීය ගැටලු පිළිබඳ ප්‍රධාන දේශනය පැවැත්වීමට රනිල් ඉන්දියාවට

February 28, 2025 - 10:55 AM
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) ඉන්දියාවේ නවදිල්ලි නුවර භාරත් මණ්ඩපයේදී ගෝලීය ගැටළු පිළිබඳ ප්‍රධාන දේශනයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, හිටපු කැනේඩියානු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් සහ හිටපු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට්ද මෙම උත්සවයේදී දේශන පැවැත්වීමට නියමිතයි.

සිය සංචාරය අතරතුර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ප්‍රධාන ද්විපාර්ශ්වික සහ කලාපීය කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට මෙන්ම ප්‍රමුඛ ඉන්දීය ව්‍යාපාරික නායකයින් සමඟ සාකච්ඡා කිරීමටද අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ.

හිටපු ජනාධිපතිවරයා මාර්තු 02වන දින ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට නියමිතව තිබෙනවා.

(lknews.lk)