රථවාහන නිලධාරීන්ට ගෙවන ත්‍යාග මුදල ඉහළට

March 06, 2025 - 12:55 PM
රථවාහන අංශවල රාජකාරි කරනු ලබන නිලධාරීන් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ගෙවීම් වැඩි කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබෙනවා.

අදාළ නිලධාරීන්ට දැනට ගෙවනු ලබන ත්‍යාග මුදල් 25%කින් වැඩිකර ගෙවීම් කටයුතු සිදුකරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත චක්‍රලේඛණයක් මඟින් දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එහි වැඩිදුරටත් වාර්තා වන්නේ ක්ෂේත්‍ර රාජකාරි වල නියැලෙන රථවාහන අංශ ස්ථානාධිපතිරුවන්, ක්ෂේත්‍ර රාජකාරි හා කාර්යාල රාජකාරියේ නියැලෙන පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්, පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල්වරුන් සඳහාද ක්ෂේත්‍ර රාජකාරියේ නියැලෙන පොලිස් කොස්තාපල් රියදුරුවරුන් සඳහාද ත්‍යාග මුදල් වැඩිකර ගෙවීම සිදුකර ඇති බවයි.

දීමනා ප්‍රමාදයකින් තොරව ගෙවීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා.

(lknews.lk)