බයිඩන් ගැන කණගාටුදායක ආරංචියක්

May 19, 2025 - 9:31 AM
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව හඳුනාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජෝ බයිඩන්ට ඇති පිළිකාව සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කළ ඇති බවයි.

මේ වන විට හිටපු ජනාධිපතිවරයාගේ පිළිකා තත්ත්වය ඔඩුදුවා ඇති බවත් එය අස්ථි දක්වා පැතිරී ඇති බවත් වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇති බව එම නිවේදනය මඟින් දැනුම්දී තිබෙනවා.
 
(lknews)