සංගා යළි පිටියට

January 17, 2025 - 4:25 PM
ජාත්‍යන්තර මාස්ටර් ලිග් ක්‍රිකට් තරඟාවලිය එළඹෙන පෙබරවාරි 22 ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ඉන්දියාවේදීයි.

කණ්ඩායම් 6ක් තරඟවදින මෙම තරඟාවලිය මාර්තු 16 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව,එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ

(lknews.lk)