පොල් මිල ඉහළ යන ලකුණු

January 27, 2025 - 4:19 PM
වෙළඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 250ක් දක්වා ඉහළ යා හැකි බව වෙළඳුන් පවසනවා.

පසුගිය මාස කිහිපය පුරා මෙරට වෙලඳපළේ පොල් සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුවූ අතර වාර්ෂික පොල් අස්වැන්නද සැලකිය යුතු අගයකින් පහළ වැටී තිබෙන බවයි වාර්තා වුණේ.

පවතින පොල් හිඟයට පිළියම් ලෙස පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයෙන් අවසර ඉල්ලා තිබුනද තවමත් ඒ පිලිබඳ තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

(lknews.lk)