විදුලි ගාස්තු ඉහළ යන ලකුණු

February 25, 2025 - 10:38 AM
පවතින වියළි කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කරනවා.

මාතලේ දිස්ත්‍රික් ඉංජිනේරු හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ විදුලි ගාස්තු 20%කින් අඩුකළ බවත් නමුත් වියලි කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතුනහොත් එය වැඩිකිරීමට ඉඩ ඇති බවයි.

විදුලිබල මණ්ඩලය බිලියන 140 ගණනක් ලාභ ලබන බවට ප්‍රකාශ කළද විදුලිබල මණ්ඩලයේ ලාභ නොමැති බවත් ඉතිරියක් පමණක් සිදුවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රුපියල් බිලියන 140 ගණනක් ගිය වසරේ තිබී ඇති බවත් එය වියදම්වලට අන්තර්ගතවී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
(lknews.lk)