රජයේ විවාහ පැකේජය මදි යැයි දකුණු කොරියාවේ තරුණ තරුණියෝ විවාහ වර්ජනයක

March 28, 2025 - 10:03 AM
ලොව අඩුම දරු උපත් සිදුවන රට බවට පත්වී ඇති දකුණු කොරියාවේ ජනගහනය වර්ධනය කිරීමේ අරමුණින් එරට රජය හඳුන්වා දුන් විවාහ අපේක්ෂකයන්ගේ පැකේජය ප්‍රමාණවත් නොවන බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ අලුත විවාහ වූවන් සඳහා නිවාස සහනාධාර ඇතුළත්ව සියලු පහසුකම් සහිත පැකේජයක් හඳුන්වා දීමට රජය පියවර ගනු ලැබුවද එම මුදල ප්‍රමාණවත් නොවන බවත්, එරට තරුණ තරුණියන් අතර විවාහයන් සිදුවීම තවදුරටත් පහළ මට්ටමක පවතින බවයි.

මෑතකදී කළ සමීක්ෂණයකට අනුව එරට රැකියාවේ නියුතු තරුණ තරුණියන්ගෙන් 5න් 3ක් පමණ විවාහ නොවී සිටීමට තීරණය කර ඇති බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.


(lknews.lk)