ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්
June 17, 2025 - 8:57 AM
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට එරට තානාපති කාර්යාලය විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ පවතින තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් සුපරීක්ෂාකාරීව සිටින ලෙසයි.
ඒ අනුව එළිමහනේ ගැවසීමේදී තමන්ගේ ලෙබනන් හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් ළඟ තබා ගැනීමට කටයුතු කරන ලෙස ඔවුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ලෙබනන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ හදිසි අවශ්‍යතාවත් ඇති වුවහොත් 009 61- 81 549 162 හෝ 009 61- 81 363 894 යන අංක අමතා තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

(lknews)