වැඩිහිටි දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්

May 28, 2025 - 11:27 AM
අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයන්ගේ දීමනාව අද (28) අස්වැසුම ප්‍රතිලාභ බැංකු ගිණුම් වෙත බැරකරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
 
එම මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව ප්‍රතිලාභ ගිණුම් මඟින් අදාළ දීමනා අද සිට ප්‍රතිලාභීන්ට ලබා ගැනීමට හැකි බවයි.
 
ප්‍රතිලාභීන් 592,760ක් සඳහා රුපියල් මිලියන 2963කට අධික මුදලක් අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කර ඇති බවයි වාර්තා වන්නේ.
 
(lknews)