ලංකාවේ සිවුවැනි පොලිස් ස්ථානාධිපතිනිය පත්වෙයි

March 12, 2025 - 2:24 PM
ලංකාවේ සිවුවැනි පොලිස් ස්ථානාධිපතිනිය ලෙසත් සබරගමුව පළාතේ පොලිස් ස්ථානයක ප්‍රථම කාන්තා පොලිස් ස්ථානාධිපතිනිය ලෙසත් කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ. ඒ. අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර පත්වී තිබෙනවා.

ඒ කෑගල්ල පොලිස් කොට්ඨාසයට අයත් පින්දෙණිය පොලිස් ස්ථානයේදීයි.

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණු ඉකුත් 08වනදා වැඩ බලන පොළිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය අතින් මෙම පත්වීම ලැබී තිබෙනවා.

(lknews.lk)