සුපර් ඩීසල් මිල ඉහළට

February 01, 2025 - 1:45 PM
ලංකා IOC සහ SINOPEC සමාගම්වල ඉන්ධන මිලද සංශෝධනය කිරීමට එම සමාගම් කටයුතු කර තිබෙනවා.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සමාන වන පරිදි සුපිරි ඩීසල් මිල සංශෝධනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සුපර් ඩීසල් මිල ඊ​යේ (31) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 18කින් ඉහළ නැංවීමට එම සමාගම් තීරණය කරා.

නව මිල වාර්තා වන්නේ රුපියල් 331ක් ලෙසයි.

(lknews.lk)