හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 17, 2025 - 10:08 AM
හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 900ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඉඟුරුකඩේ හන්දිය ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළා.

(lknews.lk)