කේරල ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 10, 2025 - 4:09 PM
කේරල ගංජා කිලෝ 2යි ග්‍රෑම් 100ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වවුනියාව තොනික්කල් ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව වව්නියාව පොලීසිය සඳහන් කළා.