හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 03, 2025 - 3:58 PM
හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 38ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තමිල්නාඩු වත්ත ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45 හැවිරිදි වියේ පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළා.

(lknews.lk)