හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 25, 2025 - 10:48 AM
හෙරොයින් ග්‍රෑම් 06ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පෑලියගොඩ පීරිස් මාවත ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පෑලියගොඩ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)