හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 26, 2025 - 12:07 PM
හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගොතටුව ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ගොතටුව පොලීසිය සඳහන් කළා.

(lknews.lk)