අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 05, 2025 - 1:06 PM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 110ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාදම්පිටිය රන්දිය උයන නිවාස සංකිර්ණය ආසන්නයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මාදම්පිටිය පොලීසිය සඳහන් කළා.

(lknews.lk)