අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 08, 2025 - 2:37 PM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හෙළමුතු සෙවන ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මාදම්පිටිය පොලීසිය සඳහන් කළා.

(lknews.lk)