අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 14, 2025 - 10:38 AM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 348යි මිලිග්‍රෑම් 630ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නගලගම්වීදිය ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළා.

(lknews.lk)