අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කොටුවෙයි

March 06, 2025 - 12:32 PM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පැලියගොඩ නගරයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පෑලියගොඩ පොලීසිය සඳහන් කළා.

(lknews.lk)