නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 06, 2025 - 2:19 PM
නීති විරෝධී මත්පැන් ලීටර් 101යි මිලිලීටර් 250ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගමුව තිඹිරිගස්කටුව ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 43ක් වන තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව මීගමුව කොට්ඨාස විමර්ශන කාර්යාංශය සඳහන් කළා.

(lknews.lk)