මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 07, 2025 - 3:25 PM
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුගම්පලගම ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන කටුගම්පලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව හිදෝගම පොලීසිය සඳහන් කළා.

(lknews.lk)